ජනප්‍රිය පාසැල් වල විදුහල්පතිවරුන්, ගුරුවරු හා ආදී ශිෂ්‍ය සංගම් සමග එක්ව සිදුකරනු ලබන

මගඩි හේතුවෙන් ළමුන් දස දහස් ගනනකට සුපිරි පාසැල් වල අධ්‍යාපන අයිතිය අහිමිවී ඇත.



2024 වර්ශය උදෙසා පළමු ශ්‍රේණියට ළමුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂන දිවයින පුරා පාසැල් වල පවත්වා අවසන් වී ඇති අතර ප්‍රධාන පෙලේ ජනප්‍රිය පාසැල් යැයි හඳුන්වන පාසැල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් සමගින් එක්ව චක්‍රලේකයේ ඇති දෝශයකට මුවා වෙමින් විශාල වශයෙන් ළමයින් හට අධ්‍යාපන අයිතිය අහිමිකිරීමේ සිදුවීම් ජනප්‍රිය පාසැල් කිහිපයකින්ම වාර්ථා වේ.


එලෙස අනීතිකව ළමුන් කප්පාදු කිරීමට පෙරමුණ ගෙන කටයුතු කර ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය බවට චෝදනා එල්ලවී ඇත. ආනන්ද, නාලන්ද, DS, විශාකා, සිරිමාවෝ විද්‍යාල වලින්ද ඒ හා සමාන සිදුවීම් කිහිපයක් වාර්ථා වේ.

අධ්‍යාපන අමාත්‍යංශයෙන් එක් එක් වර්ෂයන් සඳහා ළමුන් ඇතුලත් කරගැනීම වෙනුවෙන් වෙන් වෙන්ව චක්‍රලේඛනයන් නිකුත් කරන නමුත් බොහෝ අවස්ථාවන් වලදී පෙර වර්ෂයක චක්‍රලේකයක කුඩා වෙනස්කම් කිහිපයක් සිදුකරමින් නව චක්‍රලේකය ලෙස ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍ය තත්වයයි.


2024 වර්ශයට ළමයින් ඇතුලත් කරගැනීමට පාදක වී ඇති මුල් චක්‍රලේකය 2019 වර්ශයේ නිකුත් කල චක්‍රලේකයයි. 2018 වර්ශය උදෙසා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කරගැනීම උදෙසා 2017 වර්ශයේදී නිකුත් කල 22/2017 චක්‍රලේකය සහ එහි ගැටලු සහගත තැන් කිහිපයක් නිවැරදි කල 22/2017(i) චක්‍රලේකයට පසුව 2020 වසරේ දී පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කරගැනීම සඳහා නිකුත් කල 29/2019 චක්‍රලේකය අඩුපාඩු සකසා ගනිමින් කුඩා සංශෝධන සහිතව 29/2023 චක්‍රලේකය නිකුත් කර ඇත. 2024 වර්ශයේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කරගැනීමට පාදක කර ගනු ලබන්නේ එම චක්‍රලේකයයි.

29 202329/2023 චක්‍රලේකය


පාසැල් වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කරගැනීම සඳහා වැඩිම කොටසකට ඉඩ ලබා දෙනු ලබන්නේ පාසැලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන් උදෙසායි එම ප්‍රතිශතය 2017 චක්‍රලේකයට පෙර සියටම 50% ක ප්‍රමාණයක පවත්වාගෙන යමින් අධ්‍යාපන අමාත්‍යංශය 2024 උදෙසාද නොවෙනස්ව එම ප්‍රතිශතයම පවත්වාගෙන යනු ලබනවා.


ප්‍රධාන පාසැල් සීමාවන් තුල සින්නක්කර ඔප්පු හිමියන්ගේ දරුවන් ඉතා සීමිත ප්‍රමාණයක් ඇතුලත් වුවත් ආසන්න පදිංචි කරුවන්ගේ ගණයෙන් පාසැලට ළමයින් ඇතුලත්කරගැනීම උදෙසා භාවිතා කරනුයේ බදු ඔප්පුවකට හිමිකම් කියමින් පාසැලට ළමයින් ඇතුලත් කිරීමේ ක්‍රමවේදයයි. එය පාසැලට ආසන්න පදිංචි කරුවන්ගේ ගනය යටතේ අයදුම් කරන පිරිසෙන් ප්‍රතිශතාත්මකව 80% ඉක්මවනවා. රජයේ නිල නිවාස වැනි අනෙකුත් ආසන්නතාව ඔප්පු කල හැකි ලියකියවිලි ඉදිරිපත් කරමින් ඉතිරි පිරිස පාසැලට අයදුම් කිරීම සිදුවනවා.


29/2023 චක්‍රලේකයට පාදක වූ 29/2019 චක්‍රලේකයෙහි මෙම බදු ඔප්පු හිමිකරුවන් වෙනුවෙන් බදු ඔප්පුව අයදුම්පත් බාරගන්නා අවසන් දිනසිට ඉදිරි වසරක කාලයක් සඳහා අවශ්‍ය වන බව චක්‍රලේකයෙහි "7.2 පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ ළමයින් " වගන්තිය යටතේ 7.2.1.1 උප වගන්තියෙහි දක්වා තිබුනා.


එමෙන්ම 29/2019 චක්‍රලේකයෙහි 7.2.1.1 උප වගන්තිය අවසානයෙහි " මෙම ගණය යටතේ පදිංචියට අදාල ප්‍රධාන ලේඛන ඇත්නම් පමණක් මින් ඉදිරියට ඇති කොටස් සඳහා ලකුණු ලබා දිය යුතුය " යනුවෙන් දක්වා තිබුණා.  


එම වගන්තිය හේතුවෙන් බදු ගිවිසුම අයදුම්පත ඉදිරිපත්කරන අවසන් දින සිට වර්ශයක කාලයක් ඉදිරියට නොමැති බදු ඔප්පු හිමිකරුවන් මෙම වගන්තිය හමුවේ තම දරුවන්ට පාසැල් අහිමිකරවූ හේතුව ලෙස එය දක්වා එවූවත් චක්‍රලේකනයට අනුව එම තීරණය නිවැරදි වුවත් නීතිමය ගැටලු රැසක් ඇතිකරන්නක් මෙන්ම ළමයින්ගේ අයිතීන් කප්පාදු වන බවක් පෙනෙන්නට තිබුනා.

29 201929/2019 චක්‍රලේකය


අසාධාරණයට ලක්වූ බදු ඔප්පු හිමියන් විසින් 2019 වසරේදී ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ග සහ අමාත්‍යංශයට ඉදිරිපත්වූ පැමිණිලි සැලකිල්ලට ගත් එවකට අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ විසින් 2019 - 07 - 11 දින 29/2019(1) චක්‍රලේකය නිකුත් කරනු ලැබුවා.

රජයන් වෙනස් වුවත් එම චක්‍රලේක ප්‍රකාරව  අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද විසින් 2020 - 05 - 26 දිනැතිව 16/2020 චක්‍රලේක අංකය යටතේ 2021 වර්ශය උදෙසා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කරගැනීම සඳහා නිකුත් කල චක්‍රලේකයේද 29/2019(1) සංශෝධනයට විශේෂ අවධානයක් යොමුකල අතර එම සංශෝධනය ඉදිරි වසර සඳහා ද බලාත්මක බව නිවේදනය කලා. එම නිවේදනය ඇතුලත් 16/2020 චක්‍රලේකනය ප්‍රකාරව 29/2023 චක්‍රලේකනය දක්වාම එම සංශෝධනය ඉදිරියට ගෙනැවිත් තිබුනා.


19 00129/2019(1) ඉදිරියට ගෙනා 16/2020 චක්‍රලේකය 



29/2019 මුල් චක්‍රලේකයට වූ අදාල සංශෝධනයට අනුව  7.2.1.1 වගන්තියද සංශෝධනය කර තිබුනා එමෙන්ම 7.2.1.1. වගන්තියේ අවසනයට දක්වා තිබූ "මෙම ගණය යටතේ පදිංචියට අදාල ප්‍රධාන ලේඛන ඇත්නම් පමණක් මින් ඉදිරියට ඇති කොටස් සඳහා ලකුණු ලබාදිය යුතුයි " යන ඡේදය ඉවත් කරමින්  "මෙම ගණය යටතේ ඉහත කරුණුවලට අදාලව පදිංචිය තහවුරු කිරීමට හිමිවන ලකුණු උපයා ඇති අයදුම්කරුවන්ට පමණක් මින් ඉදිරියට ඇති කොටස් සඳහා ලකුණු ලබා දිය යුතුය" යනුවෙන් සංශෝධනය වූ අතර එම සංශෝධනය හේතුවෙන් අයදුම් කරන වර්ශයේ ජුනි 30 සිට පූර්ව වසර ප්‍රමාණයට අනුව බදු ඔප්පු හිමියන්ට ලකුණු හිමිවන ප්‍රතිශත ප්‍රමාණයන් 7.2.1 වගන්තිය යටතේ දක්වා තිබුනා.

එම හේතුව නිසා නීත්‍යානුකූලව අයදුම්පත් ඉදිරිපත් කරන වර්ශයේ ජුනි 30 දිනට ලියාපදිංචි බදු ඔප්පු හිමියෙක්ගේ අයදුම් පත් සඳහා ලකුණු ලබාදිය යුතු වුනා. අයදුම් කරන වර්ශයේ ජුනි 30 දිනට පෙර බදු ඔප්පුව අවසන් ව බදු ඔප්පුව දීර්ඝ නොකරන ලද අයගේ පමණක් අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට යෙදුනා.

සියලු දෙනාට සාධාරණ ලෙස පෙනුනු එම සංශෝධනය රැගත් චක්‍රලේකය සංශෝධනය නොවී අමාත්‍යංශ ලේකම් වරු ගනනාවක්ම වර්ශ 4 පුරා ඉදිරියට ගෙනැවිත් 29/2023 චක්‍රලේකයෙහිද එම සංශෝධන බලාත්මක කර තිබුනා.

page 1029/2023 චක්‍රලේකය (10 වන පිටුව ) 


අයතා ක්‍රම වලින් ළමුන් බඳවාගැනීමට රිසි, නීතිය සදාචාරය මානුශික හැඟීම් ළමා අධ්‍යාපන අයිතීන් තඹයකට මායිම් නොකරන, විදුහල්පතිවරුන් සහ සම්මුඛ පරීක්ෂණ මන්ඩල වල ගුරුවරුන් එක්ව අදාල චක්‍රලේකයන් නොසලකා හරිමින් 29/2019 චක්‍රලේකයෙහි සඳහන් පරිදි අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම් දිගින් දිටම සිදුවෙමින් පවතිනවා. ඕනෑම කැපකිරීමක් කරමින් ළමයින්ගේ අනාගතය වෙනුවෙන් ඇති දෙමවුපියන්ගේ දැඩි ඉල්ලුමක් පවතින ජනප්‍රියයැයි සම්මත පාසල් වල මෙම වර්ශයේත් 2024 - 06 - 30 දක්වා බදු ඔප්පුවක් නොමැති හේතුව මත අයදුම් පත් සඳහා ලකුණු සටහන් නොකර ප්‍රතික්ෂේප කර තිබුනා. අදාල ගණය යටතේ අයදුම් කල පිරිසෙන් 20% කට ආසන්න ප්‍රමාණයකට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපියක් වත් නොඑවා ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන පෙලේ පාසැල් කිහිපයක්ම කටයුතු කර ඇති බවට තොරතුරු වාර්ථා වුනා.

2021 වසර උදෙසා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කරගැනීම සිට 2024 වර්ශය උදෙසා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කරගැනීම උදෙසා පැවති කිනම් හෝ සම්මුඛ පරීක්ෂණයේදී හෝ අයදුම් පත ඉදිරිපත්කල අවස්ථාවේදී ඉදිරි වර්ශයේ ජුනි 30 දක්වා බදු ඔප්පුව නොමැතිවීමේ හේතුව මත අයදුම්කල පාසැල ප්‍රතික්ෂේප විමට ලක්වූ ඕනෑම අයෙකුට මූලික අයිතිවාසිකම් නඩුවක් අධිකරණයට යොමුකරමින් දරුවාට අයදුම්කල පාසැල , සිදුවූ අපහසුතාවයට හා ආයෝජන හානියට වන්දි මුදල් යන දෙකෙන් එකක් හෝ එම දෙකම ලබාගැනීමේ හැකියාව පවතින බවයි මේ සම්බන්ධව කල විමසීමකදී නීතීඥ මහත්ම මහත්මීන් සඳහන් කලේ,  දූශිත අධ්‍යාපන නිලධාරීන් දෑස් වසාගෙන සිටියදී මහ දවාලේ සිදුවන මෙම අසාධාරණ ය ගැන ගුරු සංගම් දෙමාපිය සංගම් හෝ ආදිශිෂ්‍ය සංගම්වල හෝ අවධානයට ලක් නොවීම විමතියට කරුණක්.


නීත්‍යානුකූලව අදාල පාසැලෙහි අධ්‍යාපන අයිතිය හිමි අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප වීමට ලක්වීම නිසා ළමයාගේ අනාගතයට දෙමවුපියන්ගේ සිහින වලට ආර්ථිකයට වන බලපෑමට වගකිවයුත්තන්ට දඬුවම් දීම ශිෂ්ඨ සම්පන්න රට වල නම් නියතයක් වුවත් අපගේ රටේ නම් සිදුවන්නේ මුදලට ළමයින් ඇතුලත් කරගැනීමට ඉඩදී නීත්‍යානුකූලව පාසැල හිමි සිසු දරුවන්ට අධ්‍යාපන අයිතිය අහිමිවනු දැක නිහඬව සිටීමයි.


කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙක් වූ වත්මන් ජාතික පාසැල් අධ්‍යක්ෂක සනත් ජයලත් ගේ පුද්ගලික හිතවත්කමක් මත හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිට රාජකීය විද්‍යාලයට  පැමිණ විද්‍යාලයේ whatsapp chat group වල රාජකීය විද්‍යාලයට නින්දාවක් වන වෘත්තීය භූමිකාවක් නොදරන චරිතයක් බවට ගුරුවරුන්ගේම දෝශ දර්ශනයට ලක්වූ මෙන්ම හිටපු විදුහල්පතිට, රාජකීය විද්‍යාලයේ විදුහල්පති ධූරය තරම්ම වටිනා කුප්‍රකට ගුරුවරියක් විසින් නීති විරෝධී ලෙස ප්‍රතික්ෂේප කල දරුවෙකුගේ පාසැල් අයදුම්පතෙහි අදාල අනීතික හේතුව ඒ ගුරුවරියගේම අත් අකුරෙන්ම සටහන් කර තිබුනේ මෙලෙසින්.

මෙම අයදුම්කරු සතු බදු ගිවිසුම අහෝසි වන්නේ 2024 - 05 - 31 බවටයි වැඩිදුරටත් වාර්ථා වන්නේ. අදාල අයදුම්කරුවා ගේ අයදුම්පතත් සම්මුඛ පරීක්ෂණ සඳහා වත් කැඳවීමක් නොකර ප්‍රතික්ෂේප කර තිබී ඇති අතර පාසැලට යොමු කරන ලද අභියාචනයක් මගින් සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබූ බවයි සඳහන් වන්නේ.

බොහොමයක් දෙමවුපියන් තම දරුවාගේ අයදුම්පත ප්‍රතික්ෂේප වූ හේතුවවත් නොදැන ප්‍රධාන පාසැල් සමග ගැටීමට ඇති නොහැකියාව මත මුල් ප්‍රතික්ෂේප වීමෙන්ම රට හැරයාමට තීරණය කිරීම වැනි වෙනත් විකල්ප කරා යොමුවී තිබෙනුද දක්නට ලැබුනා.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්