මෙරට ප්‍රජා පොලිස් කමිටු තවදුරටත් ශක්තිමත් කිරීමට සහාය ලබා දීමට කැනඩාවේ පීල් කලාපයේ

පොලිස් ප්‍රධානී නිශාන් දොරේඅප්පා, මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත එකඟත්වය පළකර ඇත.

ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක නිරත නිශාන් දොරේඅප්පා, අමාත්‍ය ටිරාන් අලස් මුණ ගැසී ඔහු සමග සිදුකළ විශේෂ සාකච්ඡාවකදී එම පොරොන්දුව ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

 දෙරටේ ආරක්ෂාව සම්බන්ධ කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති අතර, මෙරට ප්‍රජා පොලිස් ඒකක ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල කැනේඩියානු පොලිස් ප්‍රධානියාගේ විශේෂ ඇගයීමට ලක්ව තිබේ.

1973 වසරේ ශ්‍රී ලංකාවේ උපන් නිශාන් දොරේඅප්පා, 1975 දී එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතාගේ ඥාති පුත්‍රයෙකි. ඔහු කැනඩාවේ ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.

ශ්‍රී ලංකාවේ උපත ලබා, මේ වන විට කැනඩාවේ පීල් කලාපයේ පොලිස් සේවයේ ප්‍රධානියා වශයෙන් නිශාන් දොරේඅප්පා කටයුතු කිරීම ශ්‍රී ලංකාවටද ආඩම්බරයක් බව අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

පොලිස් මූලස්ථානය වෙත පැමිණි නිශාන් දොරේඅප්පා වෙනුවෙන් විශේෂ පොලිස් ආචාර පෙළපාලියක් පිරිනැමුණු අතර, සංචාරය සිහිපත් කරමින් විශේෂ සමරු තිළිණ ප්‍රධානයක් ද සිදුවිය. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
kjkldf

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්