පාතාලයට, අපරාධකරුවන්ට රැකවරණය දෙන විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්, පොලිස් නිලධාරින්

සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් දෙදහසකට ආසන්න පිරිසක් පිළිබඳව තොරුතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ රජයට භාර දී ඇති වාර්තාවක සඳහන් වේ.

මේ අයගේ රැකවරණය සැලසීම නතර කරන තුරු පාතාලය මර්දනය කිරීමට දුෂ්කර බව ද එම වාර්තා පෙන්වා දී තිබේ.

පතාලකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අවස්ථාවන්හි දී ඒ අය නිදහස් කර ගැනීමට විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් මැදිහත් වූ අවස්ථා තිහකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.


ඇතැම් දේශපාලනඥයන්ට ඥාති සම්බන්ධතා පවතින පාතාලකරුවන්ද සිටින බව පවසන එම ආරංචි මාර්ග, මේ අයට එම දේශපාලනඥයන්ගෙන් ඉහළ රැකවරණයක් ලැබෙන බව පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය.


රැකවරණය සැලසීම වෙනුවෙන් ඇතැම් පාතාල කණ්ඩායම් සමහර පොලිස් නිලධාරීන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට මාසික වැටුප් ගෙවන බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ අතර, පාතාලකරුවෝ දෙසීයකට වැඩි පිරිසක් දැනට විදේශයන්ට පළා ගොස් සිටිති.

මේ අයට හොර රහසේ විදේශයන්ට පළා යෑම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් උදව් කර ඇති බවට ද බුද්ධි අංශ වාර්තාව පෙන්වා දෙයි.

පාතාලකරුවන් වැඩි පිරිමක් පළා ගොස් සිටින්නේ ඩුබායි, අබුඩාබි, ප්‍රංශය යනාදී රටවලටය.

මින් පාතාලකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය දැනටමත් රතු නිවේදන නිකුත් කර ඇත.

ඩුබායි සහ ප්‍රංශයේ සිටින පාතලකරුවන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කළේය.

පාතාලකරුවන්ට රටින් පළා යෑම සඳහා උදව් කරන ධීවර යාත්‍රා හිමිකරුවන් පිරිසක් පිළිබඳව ද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.

 ඒ අය පිළිබඳ මේ දිනවල සෙවිල්ලෙන් පසු වන බව පොලීසිය පවසයි.

(adaderana.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්