ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කළේ යැයි චෝදනා ලද ජෙරම් ප්‍රනාන්දු දේව ගැතිවරයා දැඩි ඇප කොන්දේසි මත

මුදාහැරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (03) නියෝග කළේය.

ආගම් පිළිබඳව සංසන්දනාත්මක ප්‍රකාශය නිකුත් නොකරන ලෙසටද නියෝග කළේය .

රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දෙන එක් පුද්ගලයකු ළඟම ඥාතියකු විය යුතු බවටද නියෝග කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග  කළේය .

නඩුවට පාදකව කරන ලදැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව අයදීමට සැකකරු වන තම සේවා දායකයා සූදානම් බවට ඔහුගේ නීතිඥවරයා කළ කරුණු දැක්වීමෙන් පසුව මෙම ඇප නියෝගය නිකුත් කළේය .

ජෙරම් ප්‍රනාන්දු විසින් කරන ලදැයි කියන ප්‍රකාශය අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ වගන්තිවලට නොවැටෙන කරුණක් වන බවත්, එබැවින් නඩුව එම පනත යටතේ ගැනෙන වැරදී සම්බන්ධව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

මෙම අධිකරණයෙන් ඇප ලබා දුනහොත් මහාධිකරණයේ සහ අභියාචනාදීකරණයේ ඇප ඉල්ලීම් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවටත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්ත කළ කරුණු දැක්ම වීමෙන් පසුව මෙම ඇප ලබාදීම සිදු කළේය.

(lankadeepa.lk- රෝෂන් තුෂාර)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්