leader s

ආර්ථික අර්බුදය නිසා බැංකුවලින් ණය ලබාගත් අයගෙන් 13%කට ණය ගෙවීමේ අපහසුතාවයෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්

වීරසිංහ පැවසීය.

‘2024 සහ රටේ ආර්ථිකය’ මැයෙන් පැවැති සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙම 13%න් 2.7%ක් ණය ගෙවීම පැහැර හැර ඇතැයිද ඔහු කීවේය.

ලෝකයේ වෙනත් රටවල ණය නොගෙව්වොත් දේපොළ අත්පත් කර ගන්නා බවත්, ණය නොගෙවීම අවම කිරීමට නම් ‘පරාටේ’ නීතිය (යම් දේපළක් සම්බන්ධයෙන් වූ උකසක් මත බැංකුවක් මගින් ණයක් ලබාදී ඇති විටෙක එම ණය ගෙවීම පැහැර හරිනු ලබන අවස්ථාවේදී අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය ලබා ගැනීම සඳහා උකස් කර ඇති දේපළ අදාළ බැංකුව විසින් ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එම ණය ආපසු අය කර ගැනීමට බැංකුව සතු බලය) ශක්තිමත් කළ යුතු බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.


(aruna.lk- සාලිය කුමාර ගුණසේකර)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්