එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමතිවරයකු වූ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු වූ දයාශ්‍රිත තිසේරා, අද (04) උදැසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවි සමගි ජන බලවේග සන්ධානය හා එක් විය.


අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ සජබ ආසන සංවිධායකවරයා ලෙසද පත් කර ඇත. 

කීර්තිමත් දේශපාලනඥයකු වූ ප්‍රොටස් තිසේරා ගේ පුත්‍රයා වූ ඔහු අවස්ථා කිහිපයකදි පැවැති රජයන්හි කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යාධුර කිහිපයක්ම දැරුවෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ශාන් විජයලාල් ද සිල්වා ජනවාරි 01දා සමගි ජනබලවේගය සමඟ එක් වු අතර ඔහුට සජබ අම්බලන්ගොඩ ආසන සංවිධායක ධූරය හිමිවිය. 

thisera 1thisera 2
''ඡන්දෙදි ජනතාව නිසි තීන්දුවක් දේවි'' - මෛත්‍රීපාල 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ, පක්ෂ වලින් එහෙට මෙහෙට පනින අයට, ඡන්දෙදි ජනතාව නිසි තීන්දුවක් දෙනු ඇති බවයි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image