මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය

පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට සකස් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර නිලධාරින්ට උපදෙස් දී තිබේ.

සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටු රැස්වීම ජනවාරි 01 වැනිදා පැවති අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම් කරගෙන ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම කමිටුව පත් කරන ලදී.

කමිටුව විසින් මාස තුනක කාලායක් තුල පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් වන යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව පවසා ඇති ඇමැතිවරයා රටේ ශ්‍රම බලකායෙන් සියයට 60ක් පමණ නියෝජනය වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් කිසිඳු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුලත් නොවීම සම්බන්ධයෙන් කමිටුවේ අවධානයට යොමු කර ඇත.

රටේ ශ්‍රම බලකායෙන් සියයට 60ක් පමණ වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් ඇතුළුව සියලුම ශ්‍රමිකයින් පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුළුත් කිරීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බවටයි ඇමැති මනූෂ නානායක්කාර අවධාරණය කර ඇත්තේ.

විධිමත් අංශයේ සේවය කරනු ලබන පිරිස් මෙන්ම තවත් මිලියන ගණනක පිරිසක් අවිධිමත් අංශයේ සේවය කරනු ලබන බවත් ඔවුන්ගේ ශ්‍රමයට අභිමාණයක් සහ ගරුත්වක් ලබාදීම සඳහා “ගරු සරු” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවද අමාත්‍යවරයා කමිටුවට පවසා ඇත.

පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධයෙන් වූ උපදේශණ සැසිවාර කඩිනමින් පවත්වා මාස තුනක් ඇතුලත අදාල වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී කමිටු සමාජිකයින්ට උපදෙස් ලබාදෙනු ලැබීය. 

මෙම සැසිවාරයේදී ලර්න් එෂියා ආයතනය විසින් සමාජ ආරක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් අනාවරණය කරගත් තොරතුරුද ඉදිරිපත් කර ඇති අතර එම ආයතනය නියෝජනය කරමින් මහාචාර්ය රොහාන් සමරජීව ඇතුළු කණ්ඩායමක් කමිටු රැස්වීමට එක්වී තිබේ.


manusha NAnayakkara Meeting 2

manusha NAnayakkara Meeting 1

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්