ප්‍රවීණ නවකතාකරුවකු, ගීත රචකයකු, ධනාත්මක කෘති පරිවර්තකයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රදිප් කුමාර බාලසූරිය හදිසියේ අභාවප්‍රත්ත වී ඇත.

අසූව දශකයේදී බිහි වූ කුමරි පුවත්පතෙන් මාධ්‍ය කලාවට පිවිසි ප්‍රදිප් කුමාර බාලසූරිය, අරලිය සඳරේනු, පුවත්පත්වල කතුවරයා ලෙසද කටයුතු කළේය.
 
සමනලුන් යන මාවතේ, පුංචි සේවාපාලිකා ඇතුළු නවකතා පොත් රාශියක ද ධනාත්මක චින්තන පොත් රාශියක් ද ලියූ ඔහු දිවයිනේ බොහෝ පුවත්පත්වලට කොටස් වශයෙන් පළවන නවකතා රාශියක් ද ලීවේය. 
 
ගීත රචකයකු ලෙස ද කුසලතා පළ කළ ඔහු ලියූ ගී විජය කුමාරතුංග, ස්වර්ණලතා කවීශ්වර, හේම ශ්‍රී අමරසිංහ ඇතුළු ගායක ගායිකාවෝ රැසකගේ හඬින් ගීතවත් වූහ.

මිය යන විට 63 වියෙහි පසු වූ ඔහුගේ දේහය ගම්පහ පහළගම පැරකුම් පෙදෙසේ නිවෙසෙහි දේහය තැන්පත් කර ඇත. අවසන් කටයුතු ඉරිදා සවස 4ට ගම්පහ කසගහවත්ත ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

(lankadeepa.lk)
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image