කොල්ලුපිටිය මංසන්ධිය අසලදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් තරුණයකු හා තරුණියකට

හිරිහැර වන ලෙස සිදු කල සෝදිසි කිරීමක් පිළිබඳව පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිසියට නියෝගකර ඇත.

එම සිද්ධිය දැනුවත් වූ වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙසත් වගවීම සහ යුක්තිය සහතික කිරීම සඳහා, වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසත් තමා විසින් ඊයේ (04) පොලිසියට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි.

tiran x
මෙම සොදිසිකිරීමට ලක්ව ඇත්තේ, 18 හැවිරිදි තරුණයෙකි. දෙහිවල සිට පෙරේදා (03) රාත්‍රී 9.00ට පමණ පික්මී රථයකින් මෙම තරුණ යුවල එමින් සිටියදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් එම රථය හා තරුණ යුවලගේ ගමන් මලු පරික්ෂාවට ලක්කර තිබේ.

එහිදී තරුණයාගේ ගමන් මල්ලක තිබී කුඩා කතුරක් තිබී හමුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකළ පොලිස් නිලධාරීන් අසල වූ කුටියක් වෙත ඔහුව රැගෙනගොස් ඇඳුම් උනා දැමීමට බලකර , ශරීර පරික්ෂාවට ලක්කර ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

Who Accounts For The Law Keepers When They Become The Law Breakers?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්