leader s

රජය මඟින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත ලියාපදිංචි කරන ලද මෝටර් රථ අලෙවි කිරීමේ දී යළි බදු අය කිරීමේ අවදානමක් පවතින බව

ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ, මේ පිළිබඳ වාහන අලෙවිකරන පුද්ගලයන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි


වාහන ආනයනයට කුමක් වෙයිද?


මේ වසර තුළ වාහන ආනයනය සඳහා විකල්ප ක්‍රමයක් හෝ භාවිත නොකළහොත් කර්මාන්තය බිඳ වැටෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව රට තුළ පවතින ඩොලර් සංචිත භාවිත නොකර විකල්ප ක්‍රම මගින් වාහන ආනයනය කරන්නේ කෙසේ දැයි මේ වනවිටත් රජයට පෙන්වා දී ඇති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේය.

VAT බදු අය කිරීම මගින් ද වාහන ආනයනකරුවන් තවදුරටත් අසීරුතාවයට පත්ව ඇති බව ඔහු කියා සිටියේය.

රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය (TIN) ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.


සබැඳි පුවත් :
වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil