leader s

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 212 ක් අස්ථානගතවී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ

වාර්තාවක සඳහන්වේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධානීන් විගණන නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ, අදාළ ආයතනවලින් ඒ සම්බන්ධයෙන් තොරතුරු කැඳවීමට කටයුතු  කෙරෙන බවයි.

අමාත්‍යාංශ ලේකම්ගේ නමට ලියාපදිංචි කෙරුණු වාහන නිවැරදිව හඳුනා ගැනීමට කටයුතු කරන්නැයි විගණන කාර්යාලය අධ්‍යාපන බලධාරීන්ට නිර්දේශ කර ඇත.

රජයට අයත් සෑම රථයක්ම භාවිත කරන ආයතන නමින් ලියාපදිංචි කළ යුතු වුවත් ඒ ආකාරයට කටයුතු කර නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් විගණනයට පිළිතුරු ලබාදී නැතැයි එම වාර්තාවේ දැක්වේ.

චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරන ලෙස විගණන අංශ ඒ අනුව නිර්දේශ කර ඇත.

තවද 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලයේදී භාවිතයෙන් ඉවත් කළ වාහන 2022 වර්ෂය තෙක් අපහරණය කර නොතිබූ බව විගණන අංශය පවසයි.

ඊටද අමාත්‍යාංශ  බලධාරීන් පිළිතුරු දී නොමැති  බව වාර්තාවේ සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය විසින්  අධ්‍යාපන අමාත්‍යාංශයේ  2022 කාර්යසාධනය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු වාර්තාවේය.

(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ )

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්