ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද

සියයට 5 ක් හෙවත් දෙගුණයක් අය කර ගැනීම දැඩි අසාධාරණයක් බව පාරිභෝගිකයෝ චෝදනා කරති.

මහජන ආරක්ෂණ බද්ද මසකට අය කළ හැක්කේ සියයට 2.5 ක් පමණක් වුවද ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලෙන් මහජන ආරක්ෂක බද්ද ලෙස සියයට 5 ක් අය කරගෙන ඇති බවත් එම අය කිරීම නීති විරෝධී බවත් පාරිභෝගිකයෝ කියති.

ලෙකෝ සමාගම එහි පාරිභෝගිකයන්ට කිසිදු පෙර දැනුම් දීමක් නොමැතිව මෙම බද්ද අය කරගෙන ඇති බවද පාරිභෝගිකයෝ වැඩිදුරටත් චෝදනා කරති.

බදු ගෙවන්නාගේ අතපසුවීමකින් තොරව බද්ද අය කර ගැනීමට නොහැකි වූයේ නම් මහජන ආරක්ෂණ බද්ද පසුව අයකර ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව බදු පිළිබඳ විශේෂඥයෝ පවසති.

එවැනි බදු අය කර ගැනීමේ ප්‍රමාදයක් සිදුවූයේ නම් එම බදු ප්‍රමාණය අදාළ ආයතනය විසින් රජයට ගෙවිය යුතු බවද බදු විශේෂඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

එම සමාගම ඊයේ (5) පෙරවරුවේ පාරිභෝගිකයන් වෙත විදුලි බිල්පත යොමු කිරීමෙන් පසුව රාත්‍රී 10.00 ද පසු වී පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සමාජ ආරක්ෂණ බද්ද ඉදිරිබිල් වලින් අය කරගන්නා බව පාරිභෝගිකයන් වෙත දුරකථන කෙටි පඩිවිඩයක් ඔස්සේ මෙසේ දැනුම් දී තිබුණි.

එම කෙටි පණිවිඩය පහත දැක්වේ.

"හිතවත් පාරිභෝගිකයනි, 2023 සැප්තැම්බර් මස හඳුන්වා දුන් මහජන ආරක්ෂණ දායකත්වය බද්ද, මසකට පසුව ඔබේ බිල්පත්වලින් අය කිරීම ආරම්භ විය. ඒ අනුව, ලෙකෝ 2023 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක සඳහා මහජන ආරක්ෂණ බද්ද ඔබේ නවතම බිල්පතට ඇතුළත් කරනු ඇත. පැහැදිලි කිරීම් සඳහා කරුණාකර 1910 අමතන්න"

(lankadeepa.lk- යොහාන් භාසුර)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්