2023 වසරේ ජුනි 30 වන විට අයවිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943ක් වුවද අයකර ගැනීමට හැකිවන්නේ රුපියල් බිලියන 175ක්

පමණක් බවත්, ඉතිරි රුපියල් බිලියන 767ක් විවිධ හේතූන් මත අය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් 2023 වසර තුළ හිඟ බදු මුදල් ලෙස රුපියල් බිලියන 37 අයකරගෙන ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ. 

මේ බැව් අනාවරණ වී ඇත්තේ රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා කළ යුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමේ විශේෂ රැස්වීමකදීය. 

පවතින ක්‍රමය අනුව, කිසියම් පුද්ගලයකුට වසර 15ක් දක්වා කාලයක් බදු ගෙවීම පැහැර හැර සිටිය හැකියැයි ජාතික ආර්ථික හා භෞමික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ එහිදී සඳහන් කර තිබේ. 

 

පවතින පනත යටතේ බදු ලිපි ගොනුවක් තක්සේරු කිරීමට මාස 30ක කාලයක්ද, අභියාචනා සලකා බැලීමට තවත් මාස 24ක කාලයක්ද, ගත වන අතර ඒ අනුව බදු ලිපි ගොනුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ මාස 54ක පමණ කාලයක් රඳවාගෙන සිටී. 

 

බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ පසු එයට වසර දෙකක කාලයක් හිමිවන අතර ඉන්පසු අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකිය. 

ඒ අනුව වසර 15කට අධික කාලයක් කිසියම් පුද්ගලයකුට බදු ගෙවීම පැහැර හැරිය හැකි බැවින් බදු පිළිබඳ නීති කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගැනීමට එම විශේෂ රුස්වීමේදී තීරණය වී තිබේ.

(deshaya.lk - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්