මෙරට රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව නම් කර ජාතීන් බෙදා වෙන් කළ සියලුම දේශපාලඥයින්ට සාප කරන බව පවසන කම්කරු හා විදේශ රැකියා

අමාත්‍යවරයා, දෙමළ භාෂාව කතා කිරීමට නොහැකි වීම ගැන වතු ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

අමාත්‍ය මනුෂ නානායක්කාර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයේ පැවති උත්සවයට එක්වෙමින් දෙසැම්බර් 07 වැනිදා එබව කියා සිටියේය.

නුවරඑළියට පැමිණි විට සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කළ බවද, යාපනයට ගිය විට දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළ බවද සිහිපත් කළ අමාත්‍යවරයා උත්සවයේ ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශනවලින් සියයට 95ක්ම දෙමළ භාෂාවෙන් විකාශය කිරිම ගැන සිංහල පමණක් දන්නා අයගෙන් සමාව ඉල්ලා සිටියේය.

එහෙත් රටේ සිදුවන සෑමදේම සිංහල භාෂාවෙන් පමණක් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජනතාවගෙන් කිසි දිනක සමාව ඉල්ලා නොමැති  බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.

 විදේශ ගත ශ්‍රමිකියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සේවාවන් සැපයීම සදහා දෙමළ මාධ්‍යයෙන් කටයුතු කළ හැකි කාර්යාලයක් ලබාදෙන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය යෙදී තිබුණ දෙසැම්බර් 18 වැනිදා ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබු අතර 2024 වසර ආරම්භ කර දින 7ක් ඇතුළත නුවරඑළියට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් ලබා දීමට කටයුතු කළේය.


දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කිරීම සදහා කැපවී කටයුතු කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කර සිටියේය.

දේශපාලඥයින් ගැනීමට අකමැති, ජනප්‍රිය නොවන තීන්දුවක් වන බදු වැඩි කිරීම්, වැටුප් කප්පාදු කිරීම් කරමින් දැවැන්ත වෙනසක් මේ වන විට ඉටු කරමින් සිටින්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා පැවසීය.

වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මනුෂ නානායක්කාර ඇමැතිවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ජනාධිපතිවරයා විසින් මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

 

Manusha 20234.01.8

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්