ඉදිරි ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසයේ දී ද, මහ මැතිවරණය 2025 ජනවාරි මාසයේ දී ද

පැවැත්වීමට ජනාධිපති වික්‍රමසිංහ විසින් තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන හිටපු අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් 'ද ලීඩර්' වෙත පැවසිය.

ජනාධිපතිවරයා එබව පවසා ඇත්තේ, ජනාධිපති කාර්යාලයේ අද (09) පැවති එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දීය.

එසේම මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

රනිල් නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ..

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන්නේ, නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙසින් බවද ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී සඳහන් කර තිබේ.

මෙම ජාතික මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයේ සංවිධාන කටයුතු වහාම ආරම්භකරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය ගොඩදැමීමට තමන්ට තවත් මාස කිහිපයක් පුර්ණ කාලීනව අවධානය යොමුකළ යුතු හෙයින්, මැතිවරණ ව්‍යාපාරයට එකතුවන්නේ අප්‍රේල් මාසයෙන් පසුව බවට ද දැනුම් දුන් බව ද අඛිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් පැවසිය.

2024 ජනාධිපතිවරණය ඉලක්කකර ගනිමින්, එක්සත් ජාතික පක්ෂයේ පළමු මහජන හමුව ජනවාරි මස මැදදී ගාලු නගරයෙන් ආරම්භ කිරීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එකඟත්වය පළකර ඇතැයි ද වාර්තාවේ.  

සබැඳි පුවත් :

 

 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්