leader s

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ව්‍යාපාරයේ මුලික සංවිධාන කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට

තීන්දුකර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග පවසයි.

ඉදිරි ජනාධිපතිවරනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පලකිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එකඟත්වය පලකර ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග වලට අනුව, කොළඹ පිහිටි සුපිරි මහල් සංකීර්ණයක ඊයේ (08) රහසිගත සාකච්ජාවක් පවත්වා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව හා පොහොට්ටුවෙන් ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද සහභාගී වී තිබේ. තහවුරු කළ ආරංචිමාර්ග අනුව එම රැස්වීමට සහභාගී ඇති මන්ත්‍රීවරුන් ගණන 17 කි.

එම රැස්වීමට සහභාගී වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනන්‍යතාවය හෙළිදරව් නොවීමට වගබලා ගැනීමට තීන්දු කර ඇති අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන මොහොතවන තෙක් සජබ තුළ සිටිමින්ම කටයුතු කරන ලෙස සජබ මන්ත්‍රීවරුන් දෙදෙනාට දැනුම්දී ඇතැයි ද පැවසේ. 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්