ආර්. සම්බන්ධන් ගෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ ඊළඟ නායකත්වය සම්බන්ධයෙන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් අතරය.
ජනවාරි 20 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ හා එහි මූලික පක්ෂය වන තමිල් අරසු කච්චි පක්ෂයේ මීළඟ නායකත්වය පත්කර ගැනීමේ සම්මේලනය පැවැත්වීමට නියමිතව ඇත.
එහිදී දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සඳහා දෙමළ ඩයස්පෝරාවේ වැඩි කැමැත්ත ඇත්තේ එස් ශ්‍රීධරන් ට බව වාර්තා වේ.
වයස්ගතභාවය හා ශාරීරික දුර්වලතාව හේතුවෙන් ආර්. සම්බන්ධන් දේශපාලන කටයුතුවලට සහභාගි නොවන අතර පාර්ලිමේන්තුවට පැමිණීමද නොකරයි. මේ නිසා ඔහුට එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන ලෙස දැඩි ඉල්ලීමක් පක්ෂ ප්‍රබලයන්ගෙන් පසුගිය කාලයේ ඉදිරිපත් විය.
(anidda.lk- ඉඳුවර බණ්ඩාර)