වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහජන මුදල් වැය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සඳහා වරාය පරිශ්‍රයේ සංචාරයක් සංවිධානය කර සාදයක් පැවැත්වූ බවට වරාය වෘත්තිය සමිති චෝදනා කරති.


ඔවුන් පවසන්නේ, වරාය පරිශ්‍රයේ අධිආරක්ෂිත කලාපයක අනීතික ලෙස මෙම සාදය පවත්වා ඇති අතර, මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50ක පමණ පිරිසක් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ පෙරේදා (09) නාවික සංචාරයක් සිදු කර තිබේ.

ඒ සඳහා ආරාධනා පත්‍රයක් ද නිකුත් කර තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ නව වර්ෂය ආරම්භයේ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සංවිධාන කර ඇති බවයි.

 
ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක් ව තිබේ.
 
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ අතර, එම සංචාරයේ හා සාදයේ වීඩියෝ දර්ශන පෙළක් ද ඔවුන් මාධ්‍යයට නිකුත් කර ඇත.

මෙම සංචාරය සිදු කර ඇත්තේ, හංසකාවා සහ දියකොවුලා නමැති යාත්‍රා ද්විත්වය යොදාගනිමිනි.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය චෝදනා කළේ වරායේ නීතිරීති පවා උල්ලංඝනය කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය හා සාදය පවත්වා ඇති බවයි.

හංසකාවා සහ දියකොවුලා නැමැති නෞකා මගී යාත්‍රා නොවන අතර, ඒවා භාවිත කෙරෙන්නේ වරායේ වැලි ඉවත් කිරීම සඳහා බව ඔවුහු පවසති.

සංචාරයට එක්වූ මන්ත්‍රිවරුන්ට අවශ්‍ය ආහාර පාන වරාය අධිකාරිය විසින් සලසා දී ඇති බවට ජාතික පුවත්පතක් ද වාර්තා කර තිබිණි.

වරාය රාජ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් එම සංචාරය සඳහා ආහාර පාන ලබාදෙන ලෙස වරාය අධිකාරියෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

වරාය වෘත්තිය සමිති චෝදනා කළේ, මන්ත්‍රීවරුන්ගේ මෙම විනෝද චාරිකාව සඳහා වරාය මහජන මුදල් කෝටි ගණනින් වැය කොට ඇති බවයි.



''මහින්ද ඇතුළු පොහොට්ටුවට පාටියක් දුන්න කතා බොරු, ඒක නිරීක්ෂණ චාරිකාවක් විතරයි'' - වරාය අධිකාරිය කියයි

මන්ත්‍රීවරුන් පිරිසක් නෞකාවක අති උත්කර්ෂවත් සාදයක් සංවිධානය කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය, එය කොළඹ වරායේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් පමණක් බව ප්‍රකාශ කරයි.

වරාය සංවර්ධන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීමේ අරමුණින් වරාය අධිකාරිය අභ්‍යන්තර හා පිටත වරායේ විවිධ රාජ්‍ය නායකයන්, ප්‍රභූවරුන්, වෘත්තිකයන් සහ මාධ්‍යවේදීන් සඳහා මෙවැනි නිරීක්ෂණ චාරිකා සංවිධානය කරන බව නිවේදනයක් නිකුත් කරමින් අධිකාරිය පවසයි.

නැගෙනහිර ජැටිය, JCT පර්යන්තය සහ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම නැරඹීම සඳහා, ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ ප්‍රියංකර ජයරත්න යන අයගේ ඉල්ලීම පරිදි, වරාය අධිකාරිය මැති ඇමතිවරුන් පිරිසක් සඳහා මෙම නිරීක්ෂණ චාරිකාවක් සංවිධානය කළ බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ, වාර්තා වන පරිදි ආහාර හෝ වෙනත් කිසිවක් සඳහා තමන් කිසිදු වියදමක් දරා නොමැති බවයි.

වරාය අධිකාරිය එසේ ප්‍රකාශ කළද හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් එවැනි නිරීක්ෂණයක නිරතවන ආකාරයක් ජනමාධ්‍ය ඔස්සේ දැකගත හැකිවූයේ නැත.

මන්ත්රීවරුන්ට මුහුද මැද පාටියක් මන්ත්රීලා 50ක් විනෝද සවාරියක කෑම බීම වරායෙන් යන ස page 0001

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්