leader s

පාර්ලිමේන්තුව (නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව  එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙබරවාරි මස 07 වනදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව මෙම මස 23 සහ 24 යන දිනවල අවසන් වරට රැස්වීමට නියමිතව තිබේ.

මෙම මස 25 වන බ්‍රහස්පතින්දා දිනයේ පොහොය නිවාඩුව යෙදී ඇති බැවින් එම සතියේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

ඒ අනුව 24 වනදා මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා නිකුත් කරනු ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වන අතර ඒ අනුව එම කාරක සභා සියල්ල යළි පිහිටුවීමට නියමිතව තිබේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභා පමණක් වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි නොවන බව සඳහන්ය.

පාර්ලිමේන්තුව අවසන් වරට පසුගිය වසරේ ජනවාරි මස 27 වනදා වාර අවසාන කෙරුණු අතර එලෙස අවසන් කෙරු‍ණේ 09වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරයයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්