ඉදිරි ජනාධිපතිවරණයට ආණ්ඩුව නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා ඉතිහාසයේ

අඩුම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පරාජයට පත්වන බවට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා අනාවැකි පලකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනවාරි 16 වෙනිදා පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආණ්ඩුවේ අදූරිදර්ශී වැඩපිළිවෙල නිසා ජනතාව ආණ්ඩුවට වෛර කරමින් ඉන්නා බවයි.

එක්සත් ජාතික පක්ෂය පවසන ආකාරයට ඔවුන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ සීයක් ලබා ගැනීමට නොහැකි බව මෙන්ම ජනතාව ආණ්ඩුව එළවා දැමීමට සූදානමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

“පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය ගත්තේ ඡන්ද ලක්ෂ 3යි. ලක්ෂ 100න් ලක්ෂ 3 කියන්නේත් 3%ක්. එජාපයත් 3% මානසිකත්වයට ඇවිත් බවයි පේන්නේ. ඡන්ද ලක්ෂ 3ක් ගත්ත එජාපය ඊළඟ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 100ක් ගන්න මෙරට ජනතාව එජාප ආණ්ඩුව ගැන ප්‍රසාදයෙන් ඉන්න ඕනෑ. මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිලිවෙල නිසා ජනතාව ආණ්ඩුවට වෛර කරමින් ඉන්නේ. එලවන්න ලැබෙන්නේ කොයි මොහොතේදැයි බලාගෙන ඉන්නේ.”

ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය ලබාගන්නා බව කී උදය ගම්මන්පිළි මන්ත්‍රීවරයා එය ලංකාවේ පමණක් නොව ඇතැම් විට ලෝක වාර්තාවක් වීමට ඉඩ ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්