සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ ආරම්භ කළ එක් දින සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 6.30ට අවසන් වුව ද තවත් සෞඛ්‍ය වෘත්තීය සමිතියක් අද පෙරවරු 7 සිට සංඛේත වර්ජනයක නිරත වේ.


එලෙස වර්ජනයේ නිරත වන්නේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයයි.

ඔවුන් ඊයේ දිනයේ වර්ජනයට සහභාගී නොවිය. ඒ අනුව පෙරවරු 7ට තමන් ආරම්භ කරන එක් දින සංකේත වැඩවර්ජනය හෙට පෙරවරු 7 දක්වා ක්‍රියාත්මක බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි කියා සිටියේය. 

ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ පරිදි නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසිය. 


මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සිදුකළ සංකේත වර්ජනය අද (17) උදෑසන 6.30ට තාවකාලිකව අවසන් කිරීමට කළ බව අතුරු වෛද්‍ය ඒකාබද්ධ පෙරමුණ පවසයි.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ, සතියක් ඇතුළත ඉල්ලීම් ලබා දීමට පියවර නොගත හොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති ඊයේ සිට මෙලෙස වර්ජනවල නිරත වන්නේ වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව සඳහා වැඩිකළ රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස බල කරමිනි.

මේ වන විටත් වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණීමෙන් පසුවද සිය ඉල්ලීම් ඉටු නොවුනහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මෙසේ පැවසිය 


කෙසේ වෙතත් ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට විසඳුම් ලබා දීම හේතුවෙන් සැළසුම් කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්