කොළඹ, යාපනය, කුරුණෑගල, වවුනියාව, ගාල්ල, පුත්තලම හා මොණරාගල යන දිස්ත්‍රික්කවල වායුගෝලීය ගුණාත්මකභාවය තරමක අහිතකර

මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මෙම ස්වභාවය කාලගුණික තත්ත්වයන් මත විටින් විට වෙනස් විය හැකි බවත් මෙය දේශ සීමාන්තර වායු දූෂණය නිසා ඇති වන තත්ත්වයක් බවත් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීනියක සඳහන් කළා ය.

ඇය තවදුරටත් සඳහන් කළේ, ඉන්දියාවෙන් හෝ වෙනත් ආසියාතික රටවල්වලින් එන සුළං ප්‍රවාහයත් සමග වායු ගුණාත්මකභාවය තරමක අහිතකර මට්ටමක පවතින බව ය.

එමෙන් ම, වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ තත්ත්වය මෙම කාල වකවානුවේදී සිදුවන සාමාන්‍ය සිදුවීමක් බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීනිය පැවසුවාය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා මධ්‍යම පරිසර අධිකාරිය වායු ගෝලයේ ස්වභාවය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන අතර මෙම ස්වභාවය තාවකාලික තත්ත්වයක් බවට විශ්වාස කරන බව  එම නිලධාරිනිය වැඩිදුරට ත් සඳහන් කළා ය.

(mawbima.lk -Anjali Withanage)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්