ඩොලර් පහේ දියර පොහොර බෝතලයට දෙගුණයක් ගෙවා ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්

මේ වන විට රහස් පොලිසියේ සහ අල්ලස් හෝ දූෂණ කොමිසමේ පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය රහස් පොලිසියට මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරුණු වාර්තා කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමරිකා ඩොලර් පහට ආනයනය කළ හැකිව තිබූ දියර පොහොර බෝතලයක් සඳහා අවස්ථා දෙකකදී ඇමරිකා ඩොලර් 12.5ක් හා ඩොලර් 10ක් බැගින් ගෙවා ඉන්දියා සමාගමකින් ආනයනය කර රජයට රුපියල් කෝටි හැත්තෑ එකකට වැඩි පාඩුවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදාළ සිද්ධිය තමා අමාත්‍ය ධුරය  දරන සමයේ සිදුවූ දෙයක් නොවන බවද අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් පැවසීය.


රටට නැති වූ මුදල් ගැන ආණ්ඩුවේ පියවර කුමක්ද? - විපක්ෂ නායක අසයි

කාබනික පොහොර වංචාව සහ නැනෝ දියර පොහොර වංචාව හේතුවෙන් රටට අහිමි වූ මුදල් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව රජය ගෙන ඇති පියවර කවරේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රශ්න කර සිටියේය.

චීන කාබනික පොහොර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවා ඇති නමුත්, මේ වන විට පොහොර හෝ මුදල් හෝ නැති බවත් එම මුදල් නැවත ලබා ගෙන පාඩුව පියවා ගැනීමට කටයුතු කර නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විගණකාධිපතිවරයා පවා මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති හෙයින් මේ මහා පාඩුව පියවාගැනීමට වැඩකටයුතු කරන්නේ කවදාදැයි විමසන බවත්, එම මුදල් වංචනික ලෙස අල්ලස් කොමිස් ක්‍රියාවලිය තුළ රටට අහිමි කළ මුදල් නැවත ලබා ගන්නේ කවදාදැයි පවසන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.


ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉන්දීය ගොවි පොහොර සමාගම හරහා නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් ලක්ෂ 21ක් ගෙන ඇත්තේ ඉතා වැරදි ක්‍රියාපිළිවෙතක් හරහා බවත් ඉන්දියාව තුළ ඩොලර් 3.23කට අලෙවි වූ මි.ලී. 500 නැනෝ දියර පොහොර බෝතලයක් ශ්‍රී ලංකාව මිල දී ගෙන ඇත්තේ අමෙරිකානු ඩොලර් 12.45කට වන අතර මේ නිසා රටට රුපියල් මිලියන 7,841ක් අමතරව ගෙවා ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්