රටේ සෞඛ්‍ය සේවය අඩපණ වී ඇති මොහොතක ජනාධිපතිවරයා විදේශ රටවලට ගොස් ජෝගි නටනා බවට

විපක්ෂ නායකවරයා චෝදනා කර තිබේ.

'සක්වල තොරතුරු තාක්ෂණ' වැඩසටහනේ 68 වැනි අදියර යටතේ කලාවැව සිරිමපුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ ලබා දීමේ වැඩසටහනකට ජනවාරි 16 එක්වු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන නිසා ගිලන් වූ ප්‍රජාවට බෙහෙත් හේත් ගැනිමට නොහැකි වී ඇති බව කී විපක්ෂ නායකයවරයා, සුව සේවකයින් ඉල්ලීම් ඉදිරිපත් කරන විට මුදල් නොමැති බව පවසන රජය ජනාධිපතිවරයාගේ වියදම්වලට අයවැයෙන් ලබා දුන් මුදලට අමතරව පරිපූරක ඇස්තමේන්තුවක් හරහා තවත් ලක්ෂ 2000ක් අනුමත කර ගෙන ඇති බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සඳහා එම රුපියල් මිලියන 2000ක මුදල අනුමත කරගෙන ඇතැයි පැවසන සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එම මුදල මදි වගේම රෝගීන්ට ලබා දෙන ප්‍රවණතාව ද මදි වී ඇති බවත් සෞඛ්‍ය සේවය අඩපණ වී ඇත්තේ දුර්වල නායකත්වය නිසා බවට ද චෝදනා කළේය.

සෞඛ්‍ය වර්ජනවලින් විපතට පත් වන්නේ අහිංසක රෝගී ජනතාව බවත් ශල්‍යකර්ම පෝලිමේ සිටින පුද්ගලයන්ට පවා මේ නිසා දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ පුද්ගලයන්ට දෝෂාරෝපණය කරනවා වෙනුවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විදේශ ගමන්වලට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩි දියුණු කිරිමට පියවර ගත යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්