අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට නැවත අවස්ථාවක් දිය යුතු බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද අමාත්‍යවරයා කීය.

ඔහු අද (18) එබව කියා සිටියේ, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමිනි.

ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ඔහු ප්‍රකාශ කර තිබූ බව මෙහිදී මාධ්‍යවේදියකු පැවසූ අතර ඊට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග කීවේ, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව  ධම්මික පෙරේරා සමඟ එකඟතාවයකට පැමිණ නැති බවයි. එවැනි සාකච්ඡාවක් ගැන තමා දැනුවත් නැතැයි ද අමාත්‍යවරයා කීය.


(lankadeepa.lk - අංජුල මහික වීරරත්න)


සබැඳි පුවත් :
රනිල්ට තව අවස්ථාවක් දිය යුතුයි - ඇමති ප්‍රසන්න රණතුංග

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්