කොළඹ හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට කොළඹ මහ නගර සභාව කර ඇති යෝජනාව

සම්බන්ධයෙන් එහි පදිංචිකරුවන් දැඩි විරෝධයක් එල්ල කර ඇතැයි පැවැසෙයි.

හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට විරෝධතාවයක් ඇතොත් ඉදිරිපත් කරන ලෙස පවසමින් කොළඹ මහ නගර සභාව විසින් එහි පදිංචිකරුවන් වෙත දැනුම්දීමක් කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ ඔමාර් කමිල් ප්‍රකාශ කළේය.

හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි එම දැනුම් දීමේ සඳහන් වන බව ද ඔහු පැවසිය.

නමුත් කොළඹ මහ නගර සභාව වසරක කාලයක සිට ක්‍රියාත්මක තත්වයේ නොපවතින මොහොතක මෙවැනි යෝජනාවක් සම්මත කළේ කෙසේදැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතුවනු ඇතැයි කමිල් ප්‍රකාශ කළේය.

කොළඹ මහ නගර සභාව ක්‍රියාත්මකව පැවැති අවස්ථාවේ මෙවැනි යෝජනාවක් ඉදිරිපත් නොවූ බව එහි හිටපු සාමාජිකාවක වන ෂර්මිලා ගෝනවල පැවැසුවාය.

මෙලෙස නාමය වෙනස් කිරීම නවත්වන ලෙස දුරකතන ඇමැතුම් බොහොමයක් එම පෙදෙසේ වාසය කරන කාන්තාවන්ගෙන් තමාට ලැබුණු බවද ඇය ප්‍රකාශ කළාය.

එලෙස නාමය වෙනස් කිරීමක් සිදුවුවහොත් තමන් සතු ඇතැම් ලියකියවිලිද වෙනස් කිරීමට සිදුවන බව එම කාන්තාවන් ප්‍රකාශ කළ බව ගෝනවල මහත්මිය කියා සිටියාය.

(lankadeepa.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්