සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ

නිලධාරීන්ට නීතිඥවරියක බව කියන කාන්තාවක අල්ලස් දීමට තැත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සිදු කරගෙන යන පරීක්ෂණවලට අනුව ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එම නීතිඥවරියක බව කියන කාන්තාවක විසින් විරෝධතාවක් එල්ල කර ඇති බවයි  මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

කෙසේ වෙතත් නීතිඥවරියක බව කියන කාන්තාවගේ උත්සාහය ව්‍යවර්ථ වීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් දීමට තැත් කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර ඊට අදාළ විමර්ශන සිදුකෙරෙන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ නිතිඥවරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය විසින් සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ කරන දුරථකන ඇමතුමක හඩ පටයක් පහත පළවේ. 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්