බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැරීමෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ

ක්‍රියාවන්වල නිරත වී ඇති බවට චෝදනා කරමින් විශ්ව බුද්ධිමුණි හෙවත් රත්නපුරේ විමල බුද්ධි හිමිනම පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙය සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් දෙවැනි අවස්ථාවයි. 

සැකකාර හිමිනම මීට පෙර මෙම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර පත් කර ඇප මත මුදා හැර සිටියදී, ඔහු අධිකරණ නියෝග නොතකමින් යළිත් දිගින් දිගටම මෙම  ක්‍රියාවන්වල නිරතවීම නිසා ඊයේ (20) රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මොහු සම්බන්ධයෙන් දෙවන වරටත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

 

බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටින විශ්ව බුද්ධිමුණි හෙවත් රත්නපුරේ විමල බුද්ධි යන තැනැත්තා අධිකරණයේ අවවාද නොතකා තවදුරටත් එකී ක්‍රියාකාරකම්වල නිරත වන බව කියන සිද්ධියට අදාළව ඔහුව මෙම මස 24 දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 18 දා නියෝග කළේ ය.

 

ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලාව උපයෝගි කර ගනිමින් බුදු දහමට නිගාවක් වන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදීම හා චීවරය සුනඛයෙකුට පෙරවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් මෙම හිමිනම, රක්ෂිත බන්ධනාගාරගත කර සිට මුදාහැරීමෙන් අනතුරුවද අධිකරණයේ අවවාද නොතකා ඔහු නැවත නැවතත් එකී ක්‍රියාකාරකම්වල යෙදෙන බවට කරුණු අනාවරණය වී ඇති බැවින් මෙම සැකකාර හිමිනම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.

අංක 1/32, තිහාරිය, කලගෙඩිහේන, ලිපිනයෙහි රැඳී සිටි බව කියන විශ්ව බුද්ධිමුණි හෙවත් රත්නපුරේ විමල බුද්ධි හිමිනම අධිකරණය හමුවේ පෙනී සිටීමට එසේ නියෝග කෙරිණි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ සැකකරුට එරෙහිව නඩු පැවැරීමට නොහැකි වුව ද දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ සැකකරුට එරෙහිව නඩු පැවැරීමට හැකියාව ඇති බව පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරයා පෙර නඩු වාරයේදී සැකකාර හිමිනම ඇප මත මුදාහැර තිබිණි.

මෙම සැකකරුගේ ගිණුම්වලට පසුගිය කාලයේ මුදල් ලැබී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම් දී තිබිණි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්