විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත ගොස්, සරණාගත වීසා මත රැඳි සිටින ලාංකීකයන් හට ලෝකයේ ඕනෑම රටක් වෙත ගමන් කිරීමට හැකි විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.


ඉන්දියාවේ තමිල්නාඩුවේ පුනරුත්ථාපන කඳවුරුවල සහ පිටත රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට මෙතෙක් කාලයක් ලබා දුන් ශ්‍රී ලංකාව වෙත පමණක් ගමන් කිරීමට හැකි විදේශ ගමන් බලපත්‍රය පමණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංකල්පයක් මත ඕනෑම රටකට ගමන්ට කිරිමට හැකි විදේශ ගමන් බලපත්‍රයක් ලබා දිමේ වැඩසටහන ජනවාරි 19 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්‍යාලයේ දී ආරම්භ කරන ලදී.

මෙහි පළමු අදියර ලෙස ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබා දී තිබේ.

තමිල්නාඩු රජයේ සුළුතර සුබසාධන සහ අනේවාසික දෙමළ සුබසාධන ගරු අමාත්‍ය කේ.එස්. මස්තාන් ඇතුලු ඉන්දීය රජයේ නිලධාරීන්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්න, ශ්‍රී ලංකා නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් ඇතුලු ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී ඇත.

 thamilnadu 2thamilnadu 1


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්