ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම
දස දෙනෙක් බැගින් තෝරාගෙන " දස බල සේනාවක්" සූදානම් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීමට තමා යන බවද නාමල් රාජපක්ෂ සඳහන් කළේය. මහනගර සභා නගර සභා ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම් වල සියළු නායකයින් මෙහිදී මුණ ගැසීමට නියමිත බව නාමල් රාජපක්ෂ පැවසිය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කරන ලද පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලට සමගාමීව මෙම "දසබල සේනා" වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.
එහිදී කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් "දසබල සේනා" වැඩසටහන හෙට (22) මොරටුවෙන් ආරම්භ කරන බව කී නාමල් රාජපක්ෂ, ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත් බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව ද සඳහන් කළේය.