පවුල් කිහිපයකගේ උවමනාවට සමස්ත රටේම ලක්ෂ 220ම තලා පෙලා පොඩි කර විනාශ කරන

ආර්ථික ත්‍රස්තවාදයක් රටේ ක්‍රියාත්මක වෙන බවත් රණවිරුවන් බේරාගත් රට ආර්ථික ත්‍රස්තවාදීන් බංකොලොත්භාවයට පත් කළත් ඔවුන්ට හිමි දඩුවම් මේ වන තෙක් ලැබී නැතැයි විපක්ෂ නායකවරයා පවසා ඇත.

බෝම්බ ගහන අය සේම රාජ්‍ය දේපල හොරා කන පුද්ගලයන් ද ත්‍රස්තවාදී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළුතර පැවැති සමගි රණවිරු බලවේගයේ රැස්වීමට එක්වෙමින් කියා සිටියේය.

රණවිරුවන් රට ත්‍රස්තවාදයෙන් මුදවා ගනු ලැබුවත් අද මෙරට ආර්ථික ත්‍රස්තවාදයකට මුහුණ දි ඇති බව මෙන්ම රටේ වර්තමානයේ පවතින තත්ත්වය ආර්ථික ත්‍රස්තවාදයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායකයා පවසන පරිදි ත්‍රස්තවාදීන් යනු මිනිසුන්ගේ ජීවිත උදුරා ගන්නා පුද්ගලයන්ය, මහබැංකු ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් සේම රටේ වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදල්වලට සිදු කරන බලපෑමද ත්‍රස්තවාදයකි.

එදා බෝම්බ ගසා රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගත් කොට්ඨාසයක් සිටියා සේ වර්තමානය තුළ රට විනාශ කර රට බංකොලොත් කර රටේ සම්පත් දේපල අමු අමුවේ මහ දවල් හොරා කා අල්ලස දූෂණය වංචාව වපුරපු කණ්ඩායම් සුරසැප විඳිමින් සිටින බව සජිත් ප්‍රේමදාස අවධාරණය කර තිබේ.

රට බංකොලොත් කළ කණ්ඩායමේ පිහිටෙන් බිහි වූ ජනාධිපතිවරයා අසාධාරණ බදු වැඩපිළිවෙළක් අනුගමනය කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.

ලංකාව සිංගප්පූරුවක් කරනවා කියන හීන පෙන්වා බලයට පැමිණි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් නිසා රට අන්තදුගී දුප්පත්භාවයට පත්ව ඇතැයි විපක්ස නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

kjdfkhje

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්