අද (23) උදෑසන ආරම්භ කළ පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ක් සඳහා අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේය.


ඒ, විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමක් අනුවය.

අද පැවැත්වීමට නියමිතව තිබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම සඳහා සභාව එලෙස කල්තබා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ කථානායක මහින්ද යාපා අබේවර්ධන මුණගැසී තිබිණ.

කථානායකවරයාගේ නිල කාමරයේ දී එම හමුව සිදුව ඇති අතර, එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

අදාළ ඔන්ලයින් පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කළ යුතු හෙයින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසිය. 

ඔන්ලයින් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇත්තේ ඒ අනුවය. 

අදාළ පක්ෂ නායක රැස්වීම සඳහා සභා කටයුතු මඳකට අත්හිටුවන බවද කථානායකවරයා නිවේදනය කළේය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්