ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ විරෝධතාකරුවන් පිරිසක් අද (24)

සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තු මාර්ගය අවහිර කරමින් පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුව අවහිර කරමින් සහ පාර්ලිමේන්තුවට පිවිසිය නොහැකි ලෙස ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත්වීමට නියමිත බවට වැලිකඩ පොලීසියට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව අධිකරණය එම නියෝගය ලබාදී තිබේ.

ඒ අනුව මාර්ගය භාවිත කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර වන සේ කිසිදු මාර්ගයක් හරස් කර හෝ ප්‍රචණ්ඩක්‍රියා නොකිරීමටත්, මහජන නියොජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරියේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා බාධාවක් සිදුවන අයුරින් හෝ කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අයුරින් අදාළ උද්ඝෝෂණය සිදුකිරීමට වගබලාගත යුතු බව අධිකරණය දැනුම්දී තිබේ.

එසේ වගකීම භාරගැනීමට නොහැකි නම් අදාළ උද්ඝෝෂණය වගඋත්තරකරුවන් විසින් නොපමාව විසුරුවා හැරිය යුතු බව ද අධිකරණය නියෝග කර ඇත.

මෙම අණ කඩ කළොහොත් සාමය රකිනු සඳහා ශ්‍රී ලංකා පොලීසිය වහාම පියවර ගත යුතු බව ද අධිකරණය දැනුම්දී තිබේ.


ඡන්ද විමසීම අද


සමාජයේ වඩාත් කතාබහට ලක්වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවෙ දී පැවැත්වේ.

 ඊයේ සහ අද පැවැත්වෙන විවාදය සඳහා පනත් කෙටුම්පත් යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත් කරනු ලැබිය.

 අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, ඒ, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශව රැසක දැඩි විරෝධය එල්ල වී තිබිය දී ය.

කුමන පාර්ශවයන් විරුද්ධ වුවද මාර්ගගත සුරක්ෂිතතා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන බව අමාත්‍යවරයා දිගින් දිගටම පවසා සිටියේය.

අද පෙරවරු 10.00ට මෙම පනතට එරෙහිව විරෝධයක් පාර්ලිමේන්තු වටරවුම අසල දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ඕනෑම අයෙකුට සමබන්ධ විය හැකි බව එහි සංවිධායකයින් පවසති.

 

123

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්