ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද (ජනවාරි මස 25 වෙනිදා) කටුනායක - කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින්

ජිවිතක්ෂයට පත්ව තිබේ.


පොලිස් මාධ්‍ය කොට්ඨාශය මාධ්‍යවෙත පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබු ජීප් රථය අධිවේගී මාර්ගයේ කඳාන පොලිස් බල ප්‍රදේශයේ 11.1 සැතපුම් කණුව අසලදී කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවයි.


කන්ටේනර් රථයේ පසුපස ගැටීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රණවිර ගමන් කරමින් තිබු මෝටර් රථය අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටේහි ද ගැටී තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේය.

අනතුරින් එම රථයේ ගමන් කරමින් සිටි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙක් සහ රථයේ රියැදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇත.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පැවසීය.
 
 රෝහල් ගත කරන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරෙන් ලද තුවාල හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
421615168 768914488599226 7960684869046582971 n
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්