අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයෙකු අධිකරණයේ සිට

කලගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු නීතිඥවරියන් ඇතුළු පස්දෙනකු විසින් දෙනෝ දහක් බලා සිටියදී පහර දීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් අද (25 ) පස්වරුවේ ලැබී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි තරුණ නීතිඥවරයෙක් බව පොලිසිය සඳහන් කරයි .

 පැමිණිලිකාර නීතිඥවරයා කලක සිට ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් යටතේ සේවය කර ඇතැයි ද ඔවුන් දෙදෙනා පසුව වෙන්ව රාජකාරී කරමින් සිටිය දී දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික අරාවුලක් මත බහින්බස් වීමක් සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .

එදින ම දහවල් නීතිඥවරියන් දෙදෙනෙකු හා එක් නීතිඥ වරියකගේ සැමියා කනිෂ්ඨ නීතිඥවරයාගේ නිවසට ගොස් ඔහුගේ පියාටද තර්ජනය කර ඇතැයි ද හෙළි වී ඇත.

එදිනම සවස කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයේ රාජකාරී කරමින් සිටියදී වෙනත් අධිකරණයක සේවය කරන නීතිඥයෙකු පැමිණ ඔහුගේ කාර් රථයෙන් කැඳවාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි .

(lankadeepa.lk -පුෂ්පකුමාර මල්ලවආරච්චි)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්