ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ ප්‍රධානියා ජනවාරි මස 22  වැනිදා සිදු කළ ගුවන් පිම්ම

යුද්ධ හමුදාව තුළ ඓතිහාසික අවස්ථාවක් ලෙස සනිටුහන් වනු ඇත.

ඒ ප්‍රථම වතාවට යුද්ධ හමුදාපතිවරයකු ලෙසත්, යුද්ධ හමුදාව තුල වයසින් ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා ලෙස මෙන්ම එම දුෂ්කර පුහුණුවද සාර්ථකව සිදුකර පැරෂුට් පැනීමට එක්වීම ඉතිහාසගත ක්‍රියාවක් ලෙසයි.

එසේම එය මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා  එවන් හපන්කමක් සිදුකල ප්‍රථම හා එකම අවස්ථාව වීමටද, බොහෝ සෙයින් ඉඩ ඇත.

යුද්ධ හමුදාපති මෙම සුවිශේෂි පිම්ම හරහා සිය නිර්භීත බවත් වයස හො තනතුර නොසලකා ඉලක්ක ජය ගැනීමට ඇති කැපවීමත් මනාව ප්‍රකට කළේය.

ඒ හරහා ඔහු යුද්ධ හමුදාවේ වත්මන් තරුණ පරපුරටද ඔහු ලබා දී ඇති ආදර්ශය අතිමහත්ය.

යුද හමුදාපති හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ඌව කුඩා ඔය කොමාන්ඩෝ  පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශය තුලදී සිදුකල පැරෂුට් පැනීම සදහා අවශ්‍ය මුලික ශිල්පයන් ප්‍රගුණ කිරිමෙන් අනතුරුව උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදී ඔහු එම පිම්ම සිදු කරන ලද්දේ මාලදිවයින් නිලධාරීන් තිදෙනෙක් හා සෙබලු 15 දෙනෙක්, යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති ඇතුළු කොමාන්ඩෝ සෙබලු 13 දෙනෙක් ද සමගිනි.

එදා මෙදා තුර ගුවන ජයගත් අසහාය පැරෂුට් භටයින්ගේ නාමාවලියට මෙතැන් පටන් ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ යුද හමුදාපතිවරයාගේ නාමයද එකතු වන්නේ එය තවත් එක් පැරෂුට් පැනීමක් ලෙස නොව එම ක්ෂේත්‍රයේ යෝධ සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

012154



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්