leader s

වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කාන්තා නිලධාරිනියන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

සතියේ සෑම සඳුදා දිනකම මෙම නිල ඇඳුමෙන් සැරසී රාජකාරියට පැමිණීමට ප්‍රාදේශීය ලේකම් ඒ.එන්.රංගන සජීව, කාන්තා නිලධාරිනියන්ට උපදෙස් ලබා දී ඇත.

WhatsApp Image 2024 01 26 at 7.30.50 AM
සාරියක් මිලදී ගැනීමට අධික පිරිවැයක් දැරීමට සිදුවීම හා මහජන සේවා සැපයීමට පහසු නිල ඇඳුමකින් සැරසී සිටීම සුදුසු බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා කමිටුවට ලැබුණු යෝජනාවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙම නිල ඇඳුම මැදීමට අවශ්‍ය නොවන නිසා විදුලිය හා කාලයද ඉතිරිවන අතර එය අප වැනි රටක කාලගුණයටද ගැලපෙන සුවපහහසු ආකාරයෙන් නිමවා ඇත.

WhatsApp Image 2024 01 26 at 7.30.47 AM ප්‍රාදේශීය ලේකම් රංගන සජීව සමග සහකාර ප්‍රාදේශීය ලේකම් ඒ.ඒ.ආර්.සී.කේ. බණ්ඩර මහත්මිය ඇතුලු නිලධාරින් ඡායාරූපයකට පෙනී සිටී අයුරු.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්