රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජීවිතයට මරු කැඳවමින් සිදුවූ රිය අනතුර ඇතුළු මාරක රිය අනතුරු

දෙකකින් පසු ගුවන් තොටුපල අධිවේගී මාර්ගය ආලෝකමත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.  

කොවිඩ් වසංගත සමයේ සොරකම් කරන ලද රුපියල් කෝටි 25ක් වටිනා තඹ ධාරා කේබල් වෙනුවට ඇලුමිනියම් සම්ප්‍රේෂණ කේබල් අතුරා අධිවේගී මාර්ගය ආලෝකමත් කිරීමට යයි.

රාත්‍රී කාලයේ අධිවේගී මාර්ගයේ රිය අනතුරු ඇතිවීමට එක් හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ මාර්ගයේ පවතින අඳුර යි.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන 'ඩේලි මිරර්' වෙත පවසා ඇත්තේ, ඉංජිනේරුවන්ගේ උපදෙස් පරිදි, ගුවන් තොටුපළ  හා සම්බන්ධ කරන අධිවේගී මාර්ගය ඔස්සේ විදුලි සම්ප්‍රේෂණය සඳහා ඇලුමිනියම් කේබල් එළීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, ව්‍යාපෘතිය ප්‍රමාද වී ඇති බවත්, මාසයකින් වැඩ නිම කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඔහු පැවසීය.

(lankasara.com)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්