පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරිමට සහාය වන්නැයි පොලිස් ඇමැතිවරයා අගරදගුරු හිමියන්ගෙන් සහ කතෝලික සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ප්‍රහාර මාලාවට කවුරුන් වැරදිකරු වුවත් තරාතිරිම නොබලා දඬුවම් ලබා දෙන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකදී කිතුනු ප්‍රජාවට පොරොන්දු විය.
“මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධව අප කළ ප්‍රකාශ සම්බන්ධව අගරදගුරුතුමා ද ඒ පිලිබඳ විවේචන සිදුකර තිබෙනවා. නමුත් මට අවශ්‍ය වන්නේ සියලු කතෝලිකයින්ට සාධාරණය ඉටු කිරීමයි. ඊට සහාය දෙන ලෙස අගරදගුරු හිමියන්ගෙන් සහ කතෝලික සභාවෙන් ද මා ඉල්ලීමක් සිදු කරනවා. අප සතුව නොමැති යම් තොරතුරක් ඔවුන් සතුව තිබෙනවා නම් ඒවාද අප වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. එම පරීක්ෂණ අවසානයේ කවුරුන් වැරදි කරු වුවත් කිසිඳු තරාතිරමකින් තොරව උපරිම දඬුවම් ලබා දෙන බවට මා කිතුනු ප්‍රජාවට පොරොන්දු වෙනවා.”
එම ඉලක්කය ජයගතහොත් පවතිනවාට වඩා යහපත් රටක් බිහි කිරීමට හැකි වනු ඇති බවට ද ඔහු විහ්වාසය පළ කළේය.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.