'මව්බිම ජනතා පක්ෂය' ජනාධිපතිවරයා සමග එක්වීමට යන බවට දේශපාලන ක්ෂේත්‍රෙය් කට කතා සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක දිලිත් ජයවීර ඊයේ (27) පිළිතුරු දුන්නේය.


“කටකතා පැතිරෙනවා මහජන ජනතා පක්ෂය රනිල් එක්ක මුක්කු ගහන්න යනවා කියලා. මුක්කුව කොතනට ගැහැව්වත් නොගහන අන්තිම මුක්කුව රනිල් වික්‍රමසිංහ කියලා කියන්න පුලුවන්.” යැයි දිලිත් ජයවීර අනුරාධපුරයේ පැවති පක්ෂයේ දිස්ත්‍රික් සමුළුව අමතමින් කියා සිටියේය.

“මේක ඇත්තක් බව පෙන්වන්න යන ඔහුගේ මිතුරු කණ්ඩායමක් වන රතු සහෝදරයින්ට මම කියනවා අපි මේ කරන්නේ අවංකත්වයේ දේශපාලනයක්, සෙනෙහසේ දේශපාලනයක්, ආදරයේ දේශපාලනයක් අපි ළඟ වෛරී වැඩ නැහැ, මඩ නැහැ. ඍජු දේශපාලනයක්.  ගෙයින් ගෙට ගිහිල්ලා මම හා අපේ පක්ෂය ගැන කියන කතාව වලංගු වන්නේ ඒ කියන අයටයි.”

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හට සාකච්ඡාවක් සඳහා දිගින් දිගටම ආරාධනා කළ බව කී මව්බිම පක්ෂ නායකයා ඔහු සමග සාධනීය සංවාදයක යෙදිය හැකි‍ බවට විශ්වාසය පළ කළේය.

“අපිට ඕනේ නූතන ලෝකය එක්ක ගනුදෙනු කරන්න නම්, අපිට ඕනේ නූතන ලෝකය දේශපාලනය දකින්න නම්, ගන්න නූතන ලෝකේ උදාහරණ. අර බටහිර රටවල් ලස්සනට කරන්නේ සංවාද. තමන්ට ප්‍රතිපත්තියක් තියෙනවා නම්, ඔහුගේ ප්‍රතිපත්තිය පිලිබඳව විශ්වාසයක් තියෙනවා නම් එන්න අපි එක්ක සංවාදයකට.” යැයි දිලිත් ජයවීර තවදුරටත් කියා සිටියේය.

වසර 2048 දී රට දියුණු කරන බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශ “පුහු සටන් පාඨයක්” බව ද ඔහු පැවසීය.



dilih qt

dilitehw21


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්