දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

ප්‍රතිසංස්කරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට අනුව ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයෙකු ලෙස හැඟී යන පරිදි එබඳු අයෙකුගේ ඇඳුමක් ඇඳීම හෝ එබඳු අයෙකුගේ සලකුණක් පාවිච්චි කිරීම සඳහා වූ රුපියල් සියයක දඩය රුපියල් පනස්දාහක් දක්වා ඉහළ නංවා තිබේ.

ඊට අමතරව කැරලි ගැසීම සම්බන්ධයෙන් ඉඩම් හිමියා හෝ පදිංචිකරු තොරතුරු නොදීම සම්බන්ධයෙන් රුපියල් දහසක්ව පැවති දඩය රුපියල් දසදහසක් ලෙස ඉහළ නංවා තිබේ.

කලහ කිරීම සම්බන්ධයෙන් රුපියල් සියයක දඩය රුපියල් දසදහසක් දක්වාද, මහජන කරදරයක් සිදුකිරීම සඳහා රුපියල් පනහක් ලෙස පැවති දඩය රුපියල් විසිපන්දහසක් දක්වාද, යම් තැනැත්තකුට අයුතු ලෙස අවහිර කිරීම සඳහා රුපියල් පනහක් වූ දඩය රුපියල් පනස්දහසක් දක්වාද වැඩිකර තිබේ.

(anidda.lk -ඉඳුවර බණ්ඩාර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්