තමා එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන්නේ, අධිකරණ තීන්දුවකින් පසුව පමණක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පවසයි. 


ඔහු එබව කියා සිටියේ, එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල ඉවත් වීමට තීරණය කර ඇතැයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් 'ද ලීඩර්' කල විමසීමකදීය. 

මහින්ද අමරවීර අමාත්‍යවරයා එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් මේවනවිට අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බව පැවසු තිලංග සුමතිපාල, එහෙයින් අමරවීර අමාත්‍යවරයා පළමුව එම පෙත්සම ඉවත්කර ගත යුතු බවත් ඉන් අනතුරුව තමා තීරණයක් ගන්න බවත් වැඩිදුරටත් කියා සිටියේ ය. 

ශ්‍රීලනිප සන්ධානය පුටුව ලකුණින් ...

පොදුජන එක්සත් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ (29) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

එහිදී එම පක්ෂයේ සලකුණ ලෙස 'පුටුව' ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට තීරණය වී තිබේ.

ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද තීරණය කළ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙහිදී යෝජනා 03ක් සම්මත කරගෙන ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේ සඳහන් කළේය.

"අද ප්‍රධාන වශයෙන් පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව තමා කැඳවුයේ. ඒ කියන්නේ පුටුව ලකුණින්. පොදුජන එක්සත් පෙරමුණ විදියට පුළුල් සංවිධානයක් හදනවා. දැනටම දේශපාලන පක්ෂ රාශියක් සහ පුද්ගලයින් ඉල්ලීම් කරලා තියෙනවා ඇතුළු වෙන්න. ඒ අනුව අපි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට තියෙනවා. අපේ පක්ෂ මුලස්ථානයේ ඒ ව්‍යවස්ථා සංශෝධනය අපි කරගන්නවා. ව්‍යවස්ථා සංශෝධනය කරගෙන සතියකට විතර පස්සේ බලාපොරොත්තු වෙනවා අලුත් නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්න පොදුජන එක්සත් පෙරමුණට. 'බුලත්කොළේ' ලකුණට දැන් නඩුනේ. මහින්ද අමරවීරයි තිලංග සුමතිපාලයි. අද නම් කිව්වා අපිට භාරදෙනවා කියලා. අපි බලාපොරාත්තු වෙනවා නඩු දාගෙන ඉන්න දෙන්නා ඉල්ලා අස්වෙලා බුලත්කොළේ සන්ධානය ගන්නත්."

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image