"වෙනසක් හදන වසරක්" තේමාව යටතේ සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ සටන අද (30) කොළඹින් ආරම්භ කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ.


ඒ අනුව අද (30) දිනයේ විශාල ජනරැළියක් කොළඹදී පවත්වන බව සමගි ජනබලවේගය සඳහන් කළේය.

දිවයිනම ආවරණය වන පරිදි සමගි ජන බලවේගයේ ආධාරකරුවන්ට මෙම රැළියට සහභාගී වන ලෙස ඔවුන් දැනුම් දී තිබේ.

එමෙන්ම පක්ෂයේ සියලු නායකයින් මෙම රැළියට සහභාගී වන බව සමගි ජනබලවේගය සඳහන් කළේය.

ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් මෙම විරෝධතාවය පවත්වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ ( 29) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. 

ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ගෙන කටයුතු කරන අතර රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිව යන මොහොතක ඒ වෙනුවෙන් සටන් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව ද හෙතෙම පැවසිය. 



සබැඳි පුවත් :
ආණ්ඩුව එළවමු ! - සජබ 30 දා කොළඹ වැටලීමට යයි


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්