රට ගොඩනැගීමට උතුරේ ජනතාවට ආරාධනා කළ යුත්තේ බලය බෙදන විසඳුම් ගැන කියා නොව එකට එක්වී සටන් කර පවතින ව්‍යසනයෙන්

මිදීමට බව ජාතික ජන බලවේගයේ නායකයා ත්‍රිවිධ හමුදා නිලධාරින්ට ප්‍රකාශ කර තිබේ.

“අපි උතුරේ ජනතාවට ආරාධනා කළ යුත්තේ 13 දෙන්නම් කියලා නොවෙයි, ෆෙඩරල් දෙන්නම් කියලා නොවෙයි. මේ ව්‍යසනයෙන් මිදීම සඳහා අපි එකතු වී සටන් කරමු කියලයි.” අනුර කුමාර දිසානායක පසුගිය 27 වෙනි දින මාතරදී පවත්වන ලද එම දිස්ත්‍රික්කයේ අදිටන ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සමුළුව අමතමින් කියා සිටියේය.

ඉන්දීය පාලකයන් ජාතික ඒකාග්‍රාතාවක් ඇති කර ජාතිය එකට නැගී සිටවන ඉතිහාසයක් ලියන විට මෙරට ජනයාට ගැටුම්කාරී ඉතිහාසයක් ගැන ලියන්නට සිදුව ඇති බව ද ඔහු සඳහන් කළේය.

“පුරවැසි පනත ගෙනත් කඳුකරයේ ජනතාව රටක් නැති තත්වයට පත් කළාම දෙමළ රාජ්‍ය පක්ෂය නිර්මාණය කරන්න චෙල්වනායගම් මහත්තයා ඉදිරිපත් වුණා. 1956 සිට භාෂා ප්‍රශ්නයක් ඇද ගැනීමෙන් 58 වෙනකොට සිංහල, දෙමළ කෝළාහලයක් ආවා. ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගත්තා. 1970 මැද වෙනකොට උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. 2009 යුද්ධය ඉවර කළත් 2019 පාස්කු ප්‍රහාරය එල්ල කරනවා. අපේ පාලකයෝ නිර්මාණය කළේ ගැටුම් ඉතිහාසයක් වුණත් ඉන්දියාවේ පාලකයෝ නිර්මාණය කළේ ඒකාග්‍රතාවයක්. ජාතිය එකට නැගී සිටවන ඉතිහාසයක් ඔවුන් ලියන කොට, ගැටුම්කාරී ඉතිහාසයක් අපිට ලියන්න සිදුවී තිබෙනවා.”


ලෝකයේ රාජ්‍යයන් විසිවැනි සියවසේ දැවැන්ත දියුණුවක් කරා යන අතර, මෙරට සියවස අත්හැර දැමු බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක  ලෝකයේ ඇතිවී තිබෙන නූතනත්වයට ගැලපෙන ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය යුතු යැයි අවදාරණය කළේය.


ඒ සඳහා හුදු ආණ්ඩු මාරුවක් වෙනුවට නව පරිවර්තනීය යුගයකට රට ගෙනයන නව පාලනයක් මෙන්ම ඒ වෙනුවෙන් ජාතිය යළි අවදි කර ජාතිය ඒකාබද්ධතාවයකට යා යුතු බවයි ඔහු යෝජනා කරන්නේ.

නව පුනරුද යුගයකට බලයේ සුක්කානම ජන බලවේගය අතට ගත යුතු බවත් ඉන් පසුව ආරම්භ වන්නේ ප්‍රශ්න විසඳීම මිස අවසානය නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අවධාරණය කළේය.




“මනුෂ්‍යත්වය අගය කරන හොඳ හදවත් ඇති මිනිසුන් අප වටා ඒකරාශී වී සිටිනවා” - මේජර් ජනරාල් අරුණ ජයසේකර


මේජර් ජනරාල් අරුණ ජයසේකර

ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමුහිකයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර පැවසුයේ, ප්‍රභූ පැලැන්තියේ දේශපාලන පැවැත්මට යොදා ගත් සියලු කුමන්ත්‍රණ පරාජය කර මනුෂ්‍යත්වය අගය කරන හොඳ හදවත් ඇති මිනිසුන් ඒකාරාශී වෙමින් සිටින බවයි. 

මේජර් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ ආරක්ෂක අංශ දෙපැත්තකට දමා ප්‍රභූ පැලැන්තියේ දේශපාලන පැවැත්මට යොදා ගත් යුගය නිමා කර ඇති බව ය.

මෙම සමුළුව අමතමින් මාලිමවේ මාතර දිස්ත්‍රීක් නායක සුනිල් හඳුන්නෙත්ති මෙන්ම හිටපු හමුදා ප්‍රධානින් වන එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත සහ අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න ද අදහස් දැක්විය. 

 එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත

 Fredඅද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න

sunilසුනිල් හඳුන්නෙත්ති

stage


 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්