පුත්තලමේ ජනතාවගෙන් සහ පක්ෂ නායකත්වයෙන් ආරාධනාවක් ලැබුණහොත්

සක්‍රිය දේශපාලනයට පිවිසීමට සලකා බලන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා පැවසුවාය.

කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත සමග මියගිය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි ගේ ගලගෙදර හෑදෙනියේ පිහිටි නිවසට චමරි ප්‍රියංකා පෙරේරා සිය දරුවන් සමග ශෝකය පළ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කල විමසීමකදී එබව සඳහන් කළාය.

ඉදිරියේදී දේශපාලනයට එන්නේ දැයි ඇයගෙන් නැගූ පැනයකට සුහදව පිළිතුරක් දෙමින් පවසා සිටියේ එය සිදුවීමටත් නොවීමටත් පුළුවන් බවයි.

එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, තම සැමියා අමාත්‍ය ධුරයේ සිටියදී අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් සිටිමින් කාන්තා සමිති 500 ක් සමග වැඩ කළ බවයි.

කෙසේ නමුත් තම ප්‍රධාන ඉලක්කය වන්නේ කුඩා වයසේ සිටින තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහා වැඩි කාලයක් යෙදවීමට බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්