සමගි ජන බලවේගය විසින් ‘වෙනසක් හදන වසරක් 2024’ යන මැයෙන් අද කොළඹ දී පැවැති විරෝධතා

ව්‍යාපාරය අතරතුර එම විරෝධතාව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (30) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණියේය.

එහි දී විපක්ෂ නායකවරයා විසින් විරෝධතාව අතරතුර තුවාල ලැබූ මන්ත්‍රීවරුන් සේම පාක්ෂිකයන්ගේ සුවදුක් සොයා බලා කටයුතු කරන්නට යෙදුණු අයුරු දක්නට ලැබුණි.

විරෝධතාවය අතරතුරදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් ද රෝහල්ගතකර තිබුණි.
zdfsfewre

සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළේය.

කොළඹ නගර සභාව ආසන්නයෙන් ඇරඹුණු විරෝධතා පා ගමනට කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී මෙලෙස පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
dfsdfsee

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්