පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ⁣සේවිකාවන් දෙදෙනකු ලිංගික හිංසනයට පත් කිරීම

සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු කණිෂ්ක සේවකයන් තිදෙනාගෙන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර අද (30) දින නියෝග කළාය.

පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය මගින් සිදුකල විමර්ශනයකින් පසු පාර්ලිමේන්තුවේ සේවය කල කණිෂ්ට සේවකයන් වන අදාල සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබුණි.

එම ලිංගික හිංසනයට පත් කිරීම වර්ෂ 2022 දි පමණ සිදුව ඇති බවත් ඊට අදාල පැමිණිල්ල ලිංගික හිංසනය සිදු වී වසරකට පමණ පසු පොලිසිය වෙත සිදු කර තිබීමත් යන කාරණා මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය විය.

කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කර අධිකරණය වෙත වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය වෙත නියෝග කළාය.

මේ අතර පාර්ලිමේන්තු කණිෂ්ක සේවකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පලවී ඇති මාධ්‍ය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වන කුෂානි රෝහණධීර විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

එම නිවේදනය පහත පළවේ.

parliament

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්