පිළිකන්නෙ සිටි මැරයන් දේශපාලඥයන් බවට පත්කළ අප්පච්චි කවුද කියා අපි හැමෝම මතක තබාගත යුතු යයි එක්සත් ජනරජ පෙරමුණේ

නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මෙරට දේශපාලන මැරයන් බිහි කිරීමටත්, මැරකම දේශපාලනය කිරීමටත් කටයුතු කළේ ඒ අප්පච්චි විසින් බවත්, මේවනවිට මැරකම මේ රටේ දේශපාලනය වී ඇති බවත් පාඨලී චම්පික රණවක පවසා සිටියේ, ජනවාරි 27 වැනිදා ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.


සනත් නිශන්ත දේශපාලන ගොදුරක්


පසුගියදා රිය අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙරට එක්තර දේශපාලන ක්‍රියාවලියක ගොදුරක් බවත් ඔහුට අවසන් ගෞරවය දැක්වුයේ මනුෂත්වය වෙනුවෙන් මිස රාජපක්ෂ අනුගාමිකයාට නොවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"සනත් නිශාන්ත මහතා අනතුරකින් මිය ගියා. එතුමාට ගෞරව දක්වන්න මමත් ගියා. මම ඇත්තටම එතුමාව දන්නවා 2012 ඉඳන්. මම එහේ ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට සනත් නිශාන්ත කියන මනුෂ්‍යාට ගෞරව කරන්න මිසක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුගාමිකයෙක් හැටියට පුත්තලම් ප්‍රදේශයේ ප්‍රචලිත චණ්ඩියෙක් හැටියට හිටපු සනත් නිශාන්තට ගෞරව කරන්න නෙමෙයි. ඔහු චණ්ඩියෙක් වෙන්න ඇති. මැරවරයෙක් වෙන්න ඇති. මම නම් ඒ ගැන ඔහුට දොසක් කියන්නේ නැහැ. ඔහු මේ රටේ එක්තරා දේශපාලන ක්‍රියාවලියක ගොදුරක්.”

උතුරේ මෙන්ම දකුණේ ද ඇති වු කැරලි හේතුවෙන් ඊට මුහුණ දිය හැකි පිරිස් පමණක් දේශපාලනයට එක් වු බව ද මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේය.


“මැරවර දේශපාලනය කරළියට ගේන්න එක හේතුවකුත් තිබුණා. ඒ හේතුව තමයි අද ඔය මැර දේශපාලනය ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ තුවක්කු දේශපාලනය නිසා. වැදගත් මිනිස්සුන්ට බෝඩ් ලෑල්ල ගෙදර එළියේ ගහලා අපි දේශපාලනයෙන් සමුගත්තයි කියන්න වුණා. එතන්ට ආවේ කවුද? එතන්ට ආවේ තුවක්කුව අරගෙන ජනතා විමුක්ති පෙරමුණට මුහුණ දෙන්න පුළුවන් මැරවරයා තමයි ආවේ දේශපාලනයට. තුවක්කු තාම බිම තියලා නෑ. උතුරේ වුණෙත් ඒකයි. උතුරේ LTTE යට මුහුණ දෙන්න පුළුවන් තුවක්කු තියෙන මිනිස්සු පිරිසක් තමයි දේශපාලනයට ආවේ. ඒ තුවක්කුත් තාම බිම තියලා නෑ.”



“මේ ලඟදි මම දැක්කා ඉතාම වැදගත් මුහුණු පොතේ රසික ජයකොඩි මහත්මයා සටහනක් ලියලා තිබුණා. "ලංකා දේශපාලනය පිළිකන්නෙ හිටපු මැරවරයින්ව, සාලෙට කැඳවගෙන ඇවිල්ලා පිළිගැනීම් නිලධාරියෝ බවට පත් කළේ, අපේ අප්පච්චි" කියලා. ඒ නිසා මේ කණ්ඩායමේ වගකීම දරන්න ඕනේ ඒ අය." යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් පැවසීය.

 champik 1




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්