සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක, සම්බුද්ධ ශාසනයටත් මනුෂ්‍ය සමාජයටත් කරන ලද සේවාව වෙනුවෙන් "දේශ කීර්ති ශ්‍රී

ශාසනාභිමානී " යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.

රාමඤ්ඤ මහා නිකායේ 161 වැනි අනුස්මරණ මහෝත්සවයදි සබරගමුව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ නවින් දිසානායක මැතිතුමා සම්බුද්ධ ශාසනයටත් මනුෂ්‍ය  සමාජයටත් කරන ලද විශිෂ්ඨ සේවාව පිළිබඳ අවධානය යොමු කළ මහාවිහාර වංශීක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකූලෑවේ විමල මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව විසින් "දේශ කීර්ති ශ්‍රී ශාසනාභිමානී " යන ගෞරව නාමය 2024 ජනවාරි  29 දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකූලෑවේ විමල මහානායක හිමිපාණන්ගේ සුරතින් මහා සංඝරත්නය හි ආශිර්වාද මැද පිරිනමන ලදි.

මෙහි දී අමරපුර මහා සංඝසභිඛ පූජ්‍ය ගරු කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති නාහිමියන් වෙත ජාතික හා ජාත්‍යන්තරව සිදු කරන උදාර ශාසනික, ආගමික හා සමාජයීය සේවාව අගයා මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකාය මගින් “විශ්ව කීර්ති ශ්‍රි  ආනන්ද මෛත්‍රී වංශාවතංස සද්ධර්ම කීර්ති  ශාසන ජොතික” යන ගෞරව නාමය ප්‍රදානය කරන ලදි.           

මෙම 161 වැනි නිකාය දින සැමරුම සදහා හිටපු කතානායක කරු ජයසුරිය, අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු ගිහි පැවැදි විශාල පිරිසක් සහභාගි විය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්