හැත්තෑහය වැනි නිදහස් දින රාජ්‍ය උත්සවයේ පෙළපාලියෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසියේම ඉවත් කර ගැනීමට අද (31) පෙරවරුවේ කටයුතු කර ඇතැයි වාර්තාවේ.


පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකම අද පෙරවරුවේ පැවති අවසන් පුහුණු සැසියෙන් ඉවත් වූ බවත් පොලිස් අශ්වාරෝහක කණ්ඩායම පෙළපාලියෙන් ඉවත් කර යුධ හමුදා අශ්වාරෝහක කණ්ඩායමක් එක් කිරීමේ සිද්ධියක් මෙයට හේතු වී ඇති බවත් වාර්තාවේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගෙන් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්කෝන් ගෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. 

(lankadeepa.lk -යොහාන් භාසුර)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්